Skip to main content

Xperia V එකෙන් ලොලිපොප් කමු


සෑහෙන කාලෙකින් ආවේ ඉතින්, මුකුත් දෙන්නත් බැරිඋනා අලුත් දෙයක්, දැන් ඉතින් මං සෑහෙන කාර්‍යබහුල කොල්ලෙක්නේ ඈ .... ツ

                            දැන් කතාවට බහිමුකො ඉතින්,මේකයි සින් ඒක, මේ අපේ සෝනි කොම්පැනියේ ලොකු ලොකු ඈයෝ අපි වගේ පොඩි උන් ගාව තියෙන දුප්පත් පොඩි දුරකතනවලට ලොකු ලොකු අප්ඩේට් එහෙම දෙන්නේ නෑනේ, (පුළුවන්කම තිබිලත් )
ඉතින් හැමෝම දන්නා CyanogenMod සෙට් ඒක දෙයියෝ බලනවා වගේ දෙනවා එකටම හරියන්න අප්ඩේට්,

ඉතින් මේ අප්ඩේට් ඒක, ඒ කියන්නේ නිත්‍යානුකුල එකක් නෙවේ කස්ටම් රොම් එකක්,ඒක ඉතින් ගොඩක් ඒවාට තියෙනවා,අද කියන්න යන්නේ   LT 25i එහෙමත් නැත්තම් Xperia V එකට ආපු කස්ටම් ෆර්ම්වෙයාර් එකක් දාගන්න හැටි,

එහෙනම් ගේමට බහිමු,




මේකට ඕනි දේවල් : 


  1. FlashTool එක (ගන්න නැත්තම්)
  2. කස්ටම් ෆර්ම්වෙයාර් ඒක (බාගන්න මෙතනින්)
  3. ගූගල් ඇප්ස් පැකේජ් ඒක (මෙතනින් ගන්න)
  4. සුපර් යුසර් Zip ඒක (ගන්න)



* අවවාදයයි : මෙහිදී අත්වන කිසිදු අනතුරකට,දේපල හානියකට හෝ පිපුරුමකට මා වගකියනු නොලැබේ *


### ඔබේ මතකයට : මෙම ක්‍රියාවලියට බුට්ලෝඩරය අනිවාර්යයෙන්ම අන්ලොක් කර තිබිය යුතු වේ ### එසේ නොමැතිනම් මෙතනට යන්න 


පටන් ගමු :

  • ඉස්සෙල්ලම අර බාගත්ත රොම් සිප් එක ඇතුලේ තියෙන boot.img ඒක FlashTool ආධාරයෙන් Fastboot මෝඩ්  ඒක හරහා Flash කරගන්න.
  • ඊටපස්සේ රිකවරි එකට යන්න (Restart කරලා).
  • ෆැක්ටරි රීසෙට් එකක් දීලා සිස්ටම් පාටිශන් ඒක වයිප් කරන්න.
  • දැන් අර බාගත්ත රොම් සිප් ඒක Flash කරන්න.
  • ගූගල් ඇප්ස් පැකේජ් එකත් ඔහොමම Flash කරගන්න.
  • අහ්හ් අමතක් උනා තව අර සුපර් යුසර් එකත් Flash කරගන්න. ;)
  • දැන් දුරකථනය Restart කරලා බලන්නකෝ ( ටිකක් වෙලා යයි ඕන් වෙන්න)


Special Thanks : CyanogenMod Team and WhiteNeo


එහෙනම් අපි ගියා ඔන්න , නැවත හමුවෙනකම් සුභ දවසක් .....! 














Popular posts from this blog

කොරියානු මන්දාකිණියට සර්වසම්පුර්ණ කස්ටම් රොමක්

ඔන්න ඉතින් අයෙත් පොඩි නිදහසක් සෙට් උනා , ඉක්මනින්ම කියල යන්නම්කො .

යාලුවෙක්ගෙ  සම්සුන්ග් ගැලැක්සි S ෆෝන් එකකට රොමක් ගහල දෙන්න කියල මට දුන්න කියමුකෝ,උගේ කොන්දේසි තමා

1. ලස්සන වෙන්න ඔනියි.

2. ස්පීඩ් වෙන්න ඔනියි.

3. කොරියන් වල කේස් ෆික්ස් වෙන්න ඔනියි.

ඉතින් ඔන්න ඔව්ව තාම උගේ කොන්දේසි,මමත් ඉතින් හෙව්වා හෙව්වා ඉරාගෙන.... කොහේ කියල මේ ඔක්කොම තියෙන එකක් හොයන්නද ඉතින්,

අනේඩ කියන්න උගේ වාසනාවකටද මගේ වාසනාවකටද මන්ද පට්ටම රොමක් සෙට් උනා,ඇත්තටම  කිව්වොත් ඒකනම් සර්වසම්පුර්නයි :)

යටින් මන් දීලා තියෙනවා රෝම එකයි කර්නල් එකයි,ඒ දෙකම ඔඩින් වලින් ෆ්ලෑෂ් කරගන්න හොදේ.. (ඉස්ස්සරලම කර්නල් එක )

*රොම් එක තියෙන්නේ .rar ෆයිල් එකක් ඇතුලේ.මතක ඇතිව ඒක එක්ස්ට්‍රක් කරගෙන ෆ්ලෑෂ් කරන්න :)

*මතක ඇතිව කර්නල් එක ගහල CWM 5 එකට ෆ්ලෑෂ් කරගන්න.

* කැමති යට ඕනිනම් රෝම ගහල යටින්ම තියෙන අප්ඩේට් එකත් දාගන්න පුළුවන් :)

වැඩි පොයියවල් නැතිව මේ යට ලින්ක් වලින් රෝම සහ අනෙක් කෑලිටික  බාගන්න.
















දැන් ඉතින් රොමක් ගහගන්න නොදන්නා කෙනෙක් නැතුව ඇති නේ ලංකාවේ.... එහෙම අවුලක් තියෙනවනම් කෙලින්ම (හැරෙන් නැතිව :D ) අපේ රජිතයාගේ බ්ලොගියට ගොඩවෙන්න.

මෙතනින් 
ඒකෙ…

සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් ෆැලැශ් කිරීම ( Odin මගින් )

* ඔන්න  ඉතින් යහලුවනේ ගොඩ දවසකට පස්සේ අලුත් පෝස්ට් එකක් දාන්න පුලුවන් උනා. අද මං කියල දෙන්න යන්නෙ කොහොමද ගැලැක්සි ෆෝන් එකක් ෆැලැශ් කරන්නෙ කියන එක. මගෙ දැනුමේ හැටියටනම් ගොඩක් සැම්සුන්ග් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මේ විදිහට තමා ෆ්ලැශ් කරන්නෙ , 
"එහෙනම් ඉතින් වැඩේ පටන් ගනිමු
[ අවවාදයයි: මෙහි ඇති සියලු තොරතුරු හුදෙක් අත්හදාබැලීම් හෝ ආත්මතෘප්තිය සඳහා පමණී, මෙහිදී තමතමන් අතින් සිදුවන අත්වැරදීම් නිසා අලාභහානි සිදුවිය හැකිය, එයට  මා කිසිසේත්ම වගකියනු නොලැබේ , හොඳින් කියවා තේරුම් ගෙන තමන්ගේ සාමාන්‍ය දැනීම යොදා  කටයුතු කරන්න.Odin මෘදුකංගය භාවිතා කිරීම මගින්  ඔබගේ දුරකතනය හා සමාගම අතර තිබූ වගකීම බිඳවැටේ . ඔබට ජය...! ]

෴ USB On The Go කේබල් එකක් ගෙදරදීම හදමු ෴

කොහොමද ඉතින් ඔයාලට? මමනං හොදින් ඕං... :D

* අද මම ඔයාලට දුන්න පොරොන්දුවක් ඉටු කරන්න තමා හදන්නේ . එදා මම කිව්වනේ USB On The Go කේබල් එකක් හදන හැටි කියල දෙනව කියලා . අන්න ඒක තමා අද පාඩම... :D කස්ටිය එහෙනම් හොදට හුස්මක් අරන් එහෙමෙ කියවන්න පටන් ගන්නකෝ :P
මේකට අවශ්‍ය දේවල් :
1. Micro USB ඩේටා කේබල් එකක් (චයිනීස් ඒව ඕනි තරම් තියෙනව කඩේ , ඔරිජිනල් එක එහෙම මේකට ගන්න එපා :P ) 2. USB FeMale සොකට් එකක් (අර කම්පියුටරේ අපි පෙන් එක එහෙම ගහන කෑල්ල)
3. බවුත් එකක් (Soldering iron) 4. පිහියක් හෝ බ්ලේඩ් එකක් (කැපෙන ඕනි දෙයක්)