Skip to main content

සැම්සුන්ග් ගැලැක්සි ෆෝන් ෆැලැශ් කිරීම ( Odin මගින් )





* ඔන්න  ඉතින් යහලුවනේ ගොඩ දවසකට පස්සේ අලුත් පෝස්ට් එකක් දාන්න පුලුවන් උනා. අද මං කියල දෙන්න යන්නෙ කොහොමද ගැලැක්සි ෆෝන් එකක් ෆැලැශ් කරන්නෙ කියන එක. මගෙ දැනුමේ හැටියටනම් ගොඩක් සැම්සුන්ග් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් මේ විදිහට තමා ෆ්ලැශ් කරන්නෙ , 

"එහෙනම් ඉතින් වැඩේ පටන් ගනිමු

[ අවවාදයයි : මෙහි ඇති සියලු තොරතුරු හුදෙක් අත්හදාබැලීම් හෝ ආත්මතෘප්තිය සඳහා පමණී, මෙහිදී තමතමන් අතින් සිදුවන අත්වැරදීම් නිසා අලාභහානි සිදුවිය හැකිය, එයට  මා කිසිසේත්ම වගකියනු නොලැබේ , හොඳින් කියවා තේරුම් ගෙන තමන්ගේ සාමාන්‍ය දැනීම යොදා  කටයුතු කරන්න.Odin මෘදුකංගය භාවිතා කිරීම මගින්  ඔබගේ දුරකතනය හා සමාගම අතර තිබූ වගකීම බිඳවැටේ . ඔබට ජය...! ]



මේකට ඕනි කරන දේවල් : 


2.Samsung USB Driver's ( මෙතනින් ගන්න

3. ඔයාගෙ ෆෝන් එකේ Firmware එක ( මෙතනින් හොයල බාගන්න )   



* සැලකිය යුතුයි : Samsung Kies වැඩසටහන පසුබිමෙහි ක්‍රියා නොකිරීමට වගබලාගන්න , ( ටාස්ක්මැනේජර් තුලට ගොස් එහි Samsung Kies වැඩසටහන ක්‍රියාත්මකව තිබේනම් එය උඩින් Right Click කර  End Task කරන්න ) 


# එහෙනම් ඉතින් හා හා පුරා කියල Driver's ටික එහෙම Install කරන්න. 


# ඉන්පසු  Odin එක ඕපන් කරගන්න ( Run As Admi...) වලින්,එතකොට මේවගේ පෙනේවි 







# හරි එහෙනම් දැන් ඔයාගෙ ෆෝන් එක Off කරල Download mode එකෙන් On කරගන්න 


# ඒක කරන්නේ මෙහෙමයි Volume down + Home button + Power button එකවැරම Press කරන්න , ඒක අතහරින් නැතුව ටික වෙලාවක් එහෙමම ඉන්න ,එතකොට Warning මැසේජ් එකක් එයි මෙහෙම " press up to continue and down to cancel " කියල . ඩෝංගාල Vol + Press කරන්න, දැන් එහෙනම් Download mode එකේ ඉන්නේ :)
( මෙය එක් එක් ෆෝන් වර්ග වලට අනුව වෙනස්විය හැක )










# හරි එහෙනම් දැන් ලස්සනට ඔයාගෙ ෆෝන් එක Data Cable එකෙන් කම්පියුටර් එකට සම්බන්ද කරන්න , Driver's හරියට වැටිලනම් පහලින් තියෙන ෆොටෝ එක්කේ වගේ මුල්ම Box එක නිල්පාට වෙයි . ( එහෙම උනේ නැතිනම් Driver's නැවත Install කරල බලන්න ) 







* ආ තව දෙයක් මතක ඇතිව "Auto Reboot" සහ  "F.Reset Time" කියන Option දෙකට විතරක් ට්ක්  දාල තියෙනවද බලන්න , අනිත් ඒවට ටික් දාන්න යන්න එපා , අර දෙකට විතරයි හොඳේ .

# ඉන්පසු Odin එකේ තියෙන PDA බට්න් එක Click කරල අපි ඉස්සරලම බාගත්ත Firmware ෆයිල් එක තෝරල දෙන්න ( ඒකෙ  ******.tar හෝ ******.tar.md5  වගේ එක්ස්ටෙන්ශන් එකක් තියෙන්නේ )



# දැන් ටිකක් ඉවසන්න , ෆයිල් එක චෙක් කරනකම්,


# ඉටපස්සෙ යටින් තියෙන Start බට්න් එක ක්ලික් කරන්න , ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවනේ , ඔයාගෙ කම්පියුටර් එකේ පර්ෆෝමන්ස් අනුව වෙලාව තීරනය වෙන්නේ , උපරිම උනොත් 10-15 min වගේ යයි .


# ඊටපස්සෙ අර උඩ කොටුව  Pass කියල කොලපාට  හෝ  Reset කියල නිල්පාට උනොත් වැඩේ ගොඩම තමා . ඒත් Fail කියල රතුපාට උනොත් උත්සහවන්තයා ජයගනී කියල හිතාගෙන Try nd Try කරන්න ,( යටින් ෆොටෝ එක )



* ඔන්න එහෙනම් වැරදි අඩුපාඩු තිබුනොත් වෙනද වගේම කමෙන්ට් එහෙකින් මට  කියල යන්න අමතක කරන්න එපා හොඳේ . 

ගොඩක් නිදිමතයි,පාන්දරත් උනා :) එහෙනම් අපි ගියා ඔන්න. තවත් අලුත් දවසක අලුත් දේකින් නැවත හමුවෙමු

එතෙක් ඔබසැමට සුභ දවසක් . 
තෙරුවන්සරණයි 

Popular posts from this blog

කොරියානු මන්දාකිණියට සර්වසම්පුර්ණ කස්ටම් රොමක්

ඔන්න ඉතින් අයෙත් පොඩි නිදහසක් සෙට් උනා , ඉක්මනින්ම කියල යන්නම්කො .

යාලුවෙක්ගෙ  සම්සුන්ග් ගැලැක්සි S ෆෝන් එකකට රොමක් ගහල දෙන්න කියල මට දුන්න කියමුකෝ,උගේ කොන්දේසි තමා

1. ලස්සන වෙන්න ඔනියි.

2. ස්පීඩ් වෙන්න ඔනියි.

3. කොරියන් වල කේස් ෆික්ස් වෙන්න ඔනියි.

ඉතින් ඔන්න ඔව්ව තාම උගේ කොන්දේසි,මමත් ඉතින් හෙව්වා හෙව්වා ඉරාගෙන.... කොහේ කියල මේ ඔක්කොම තියෙන එකක් හොයන්නද ඉතින්,

අනේඩ කියන්න උගේ වාසනාවකටද මගේ වාසනාවකටද මන්ද පට්ටම රොමක් සෙට් උනා,ඇත්තටම  කිව්වොත් ඒකනම් සර්වසම්පුර්නයි :)

යටින් මන් දීලා තියෙනවා රෝම එකයි කර්නල් එකයි,ඒ දෙකම ඔඩින් වලින් ෆ්ලෑෂ් කරගන්න හොදේ.. (ඉස්ස්සරලම කර්නල් එක )

*රොම් එක තියෙන්නේ .rar ෆයිල් එකක් ඇතුලේ.මතක ඇතිව ඒක එක්ස්ට්‍රක් කරගෙන ෆ්ලෑෂ් කරන්න :)

*මතක ඇතිව කර්නල් එක ගහල CWM 5 එකට ෆ්ලෑෂ් කරගන්න.

* කැමති යට ඕනිනම් රෝම ගහල යටින්ම තියෙන අප්ඩේට් එකත් දාගන්න පුළුවන් :)

වැඩි පොයියවල් නැතිව මේ යට ලින්ක් වලින් රෝම සහ අනෙක් කෑලිටික  බාගන්න.
















දැන් ඉතින් රොමක් ගහගන්න නොදන්නා කෙනෙක් නැතුව ඇති නේ ලංකාවේ.... එහෙම අවුලක් තියෙනවනම් කෙලින්ම (හැරෙන් නැතිව :D ) අපේ රජිතයාගේ බ්ලොගියට ගොඩවෙන්න.

මෙතනින් 
ඒකෙ…

෴ USB On The Go කේබල් එකක් ගෙදරදීම හදමු ෴

කොහොමද ඉතින් ඔයාලට? මමනං හොදින් ඕං... :D

* අද මම ඔයාලට දුන්න පොරොන්දුවක් ඉටු කරන්න තමා හදන්නේ . එදා මම කිව්වනේ USB On The Go කේබල් එකක් හදන හැටි කියල දෙනව කියලා . අන්න ඒක තමා අද පාඩම... :D කස්ටිය එහෙනම් හොදට හුස්මක් අරන් එහෙමෙ කියවන්න පටන් ගන්නකෝ :P
මේකට අවශ්‍ය දේවල් :
1. Micro USB ඩේටා කේබල් එකක් (චයිනීස් ඒව ඕනි තරම් තියෙනව කඩේ , ඔරිජිනල් එක එහෙම මේකට ගන්න එපා :P ) 2. USB FeMale සොකට් එකක් (අර කම්පියුටරේ අපි පෙන් එක එහෙම ගහන කෑල්ල)
3. බවුත් එකක් (Soldering iron) 4. පිහියක් හෝ බ්ලේඩ් එකක් (කැපෙන ඕනි දෙයක්)